Search This Blog

Monday, April 18, 2011

මේරියන්ස් අන්ප්ලග්ඩ් නුවරට | Marians Unplugged in Kandy

කවදත් අලුත් වැඩ කරපු පේරාදෙණිය ඉංජිනේරු පීඨය මෙදා පාර මේරියන්ස් අන්ප්ලග්ඩ් සංගීත සංදර්ශනය නුවරට ගෙනල්ල තියෙනව. කාලෙකින් ලැබෙන අව්ස්ථාවක් නිසා මග අරින්න නම් එපා කියලා කියන්නයි මේ කණුව දැම්මෙ.




සංදර්ශනය සංවිධානය කරන්නෙ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය විසින්.


© 2011 - හිමිකම - VinZOuTLooK

.

Sunday, April 17, 2011

ළිංමැඩියෝ සහ ජාතික වගකීම

TIME සඟරාව විසින් වාර්ෂිකව ලොව බලගතුම පුද්ගලයන් 100

දෙනා තේරීමේ මත විමසුමක් පවත්වයි. මෙවර එහි 4 වන ස්ථානයට

පත් වීමට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමත් වී ඇත.



ශ්‍රී ලාංකික ජනාධිපතිවරයෙක් මෙම මත විමසුමේ බලගතුම

පුද්ගලයන් 100 දෙනා අතරට පැමිණි ප්‍රථම අවස්ථාවද මෙය වේ.තවද

සමස්ත ප්‍රථිඵලයෙහි ප්‍රථම පුද්ගලයන් 10 දෙනා අතර සිටින එකම

දේශපාලන නායකයාද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වේ. තවත් වැදගත්

කාරණයක් නම් මෙම ලැයිස්තුවේ ඇමරිකානු ජනාධිපති බැරක්

ඔබාමා මහතා  46 වන ස්ථානයේද, ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි

ක්ලින්ටන් මහත්මිය 43 වන ස්ථානයේද, රුසියානු ජනාධිපති

ව්ලැදිමියර් පුටින් මහතා 74 වන ස්ථානයේ සහ ඉන්දියා කොන්ග්‍රස්

නායිකා සෝනියා ගාන්ධි මහත්මිය 100 වන ස්ථානයේ පසු වීමයි. 



මෙම මත විමසුම උපුටා දක්වමින් ලෝක මාධ්‍යය ආයතන, ශ්‍රී

ලංකාවේ රාජ්‍ය මාධ්‍යය ඇතුළු සෑම මාධ්‍යයක්මද පවසන්නේ ශ්‍රී ලංකා

ජනාධිපතිවරයා ලොව ප්‍රබලම පුද්ගලයෙකු බවට පත්ව ඇති බවයි.

අවාසනාවකට මෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පුම්බවා තැබීමේ සිය

වගකීම ඉටු කරමින් සිටින නිසාදෝ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍යයන්ට

පවා මෙම මත විමසුමේ එක් පැතිකඩක් තවමත් ගෝචර වී නොමැත.




අප මේ සඳහා මත විමසුමේ සඳහන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ

චරිතාවදනය මඳක් විග්‍රහ කොට බලමු. එහි සඳහන් වන්නේ දෙමළ

කොටින්ට එරෙහිව පැවති වසර 26 ක් පැරණි යුද්ධය නිමා කළ

බවත්, මානව හිමිකම් සහ මැතිවරණ කොමිෂන් සභා වල බලය

බලහත්කාරයෙන් තමා වෙත නතු කරගෙන ඇති බවත්,

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට පත් වුණු වෙනත් රාජ්‍ය නායකයෙකුට

වඩා තම බලය රටේ ජාතික ආයතන තුළ පතුරවා ඇති බවත්, යුධ

අපරාධ චෝදනා යටතේ හැකි නම් තමා වරදකරුවෙකු කරන ලෙස

ඇමරිකාවට, යුරෝපීය සංගමයට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට

අභියෝග කළ බවත්,  එම චෝදනා ප්‍රතික්ෂේප කිරීම සඳහා රුසියාව,

චීනය සහ ඉන්දියාව තමාට සහයෝගය පළ කරන බව සහතිකවම

දැන සිටි බව සහ පසු කී රටවල් දෙකෙහි ශ්‍රී ලංකාවේ ආයෝජන

බිලියන ගණනක් අවදානමක පැවති බවත්ය.



 මේ අනූව ශ්‍රී ලාංකික පුරවැසියන් වශයෙන් අපට විවිධ නිගමන වලට

එළඹිය හැකියාව පවතියි. පළමු වැන්න නම් සුනිල් සරත් පෙරේරා

මහතාට අනුව "දෙස් විදෙස් ඇස් මවිත කරවයි මහරජාණෙනි"

යනුවෙන් ප්‍රශස්ති ගීත ගායනා කරමින් අපේ ජනාධිපතිවරයා පිළිබඳව

ආඩම්බර වීමයි. එයද නොකළ යුත්තක් නොවන බව මාගේද හැඟීමයි.

දෙවැන්න නම් ශ්‍රී ලංකාව කෙරෙහි ලෝක අප්‍රසාදය ත්‍රීව කිරිමේ

බටහිර මෙහෙයුමේ තවත් එක් කොටසක් පමණක් බව අවබෝධ

කොට ගෙන එය මැඩ පැවැත්වීම සඳහා තමන්ටද හැකි පමණින්

කටයුතු කිරීමයි. තෙවැන්න නම් මෙම පුවතෙහි සත්‍යතාව පිළිබඳ

සොයා බලා අත්තනෝමතික ලෙස බලය තමා වෙත නතුකොට ගැනීමට

දරණ උත්සාහයන් පිළිබඳව විචක්ෂණශීලීව කටයුතු කිරීමයි. 



කළ යුත්තේ කුමක්ද? තීරණය ඔබ සතුයි!


දත්ත උපුටා ගැනීම 0045h 17/04/2011

වැඩිදුර පරිශීලනයට . . .
Profile of Mr. Mahinda Rajapakshe on TIME
http://www.itnnews.lk/?p=24940
http://www.asiantribune.com/news/2011/04/13/sri-lankan-president-mahinda-rajapaksa-among-time-100-people-2011



© 2011 - හිමිකම - VinZOuTLooK



.

Friday, April 15, 2011

වසන්තයේ අග. . ♪ ♪. . ♫ ♫

පසුගියදා 'වසන්තයේ අග' නමින් සංගීත සන්ධ්‍යාවක් පේරාදෙණිය විශ්වවිද්‍යාල ක්‍රීඩාගාරයේදී පැවැත්වුණා. සාමාන්‍ය සංගීත සන්ධ්‍යාවකට වඩා විශේෂ යමක් මෙතුළ තිබුණ නිසයි ඒක ගැනත් ලියන්න හිතුවෙ.
මුලින්ම කියන්න ඕනි මේ සංගීත සැඳෑව සංවිධානය කරලා තිබුණෙ ඉංජිනේරු පීඨයේ 2009 කණ්ඩායම. ඔවුන් විසින් ප්‍රසංගය සඳහා නිර්මාණය කරල තිබුණ දැවැන්ත වේදිකාව කාගේත් පැසසුමට ලක් වුණා.

අනං මනං නැතුව දැන් කියන්නම්කො විශේෂත්වය මොකක්ද කියලා. මේ සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කළේ රෝහණ බැද්දගේ, ජනනාත් වරකාගොඩ සහ භාතිය සන්තුශ් කියන යුග තුනකට අයත් ගායකයන් සිව් පළයි. ප්‍රසංගය මෙහෙයවූයේ නාරද බක්මීවැව විසින්.

සාමාන්‍යයෙන් හිතන්න පුළුවන්ද මේ ගායකයන් සිව් දෙනා ඒකම වේදිකාවක ගීත ගායනා කරයි කියල. ගැමි ගීතයේ සිට බටහිර ඔපෙරා සංගීත ක්‍රම දක්වා විහිදිලා ගිය මේ ප්‍රසංගයේ අන්තර්ගතය ලොකු කුඩා,බාල මහළු, ගැහැණු පිරිමි කොයි කාගෙත් සංගීත රසාස්වාදයට විතරක් නෙවෙයි විචාරාත්මක බුද්ධිය හෙළි පෙහෙළි කරන්නටද සමත් වුණා කිව්වොත් නිවැරදියි.


ප්‍රසංගයේ ඡායාරූප කිහිපයක් . . . . .








මේ ප්‍රසංගය 'මාගේ දේශය අවදි කරනු මැන' සාහිත්‍ය උළෙලට සමගාමීවයි පැවැත්වුණේ. මෙවර සාහිත්‍ය උළෙලටත් වෙනදාට වඩා  වෙනස්, අළුත් මුහුණුවරකින් යුතුව සංවිධානය කරල තිබුන නිසා සිසුන් උද්යෝගයකින් යුතුව  සහභාගි වුණා කියලත්  ආරංචියි.



© 2011 - හිමිකම - VinZOuTLooK
 
 
 

►ආයෙ ආයෙත් ඔයා මා ගාවටම එන්නෙ ♥ ----------- මම දන්නෙ නෑ.

 
ඒ පුසුඹ
මට අද වාගෙ මතකයි . . .
ඇරත්
මට හොඳටෝම විස්වාසයි
ඔයා කොච්චර ඈත ගියත්
ඒ පුසුඹත් අරගෙන,
 මාව තුරුළු කර ගන්න . . .
 සිප වැළඳ ගන්න . . .
එදා වාගෙම 
ආයෙත්
      එයි කියල . . .
 
 
හැබැයි,
මට නම් හිතෙන්නෙ . . .
ආයෙ ආයෙත් ඔයා
මා ගාවටම එන්නෙ
ඔය . . .
හද ගැහෙන රාවය
මට කොහොමින් හරි . . .
දැනුණ නිසා
වෙන්න ඇතියි කියල . . .
මම දන්නව,
මම දන්නව,
ඔයා ඒකට වැරදි නෑ කියල . . .

 
ඒත් !
    ඔය . . .
  හද ගැහෙන රාවය
    50 Hz කියල දැන් ගත්ත දවසෙ . . .  
     මට . . .
    ඇත්තටම . . .
    දැනුණෙ . . .
   මහා පිළිකුලක්;
      මහා ලැජ්ජාවක් . . . .

 
ඒ හැඟීම . . .
අනේ මන්දා!
මම දන්නෙ නෑ.
 
 
 
 
 
  zombie-popcorn.com
 
 
 

(නො) මැය

කැළුම් හසඟන  පැතුම් සිර කර  හද         පතුල
නීල නෙත් යුග  පාන ඉඟි බිඟි  පෙම්        විසුල
දෙතොල් පෙති මත දඟ දමන මා නෙත්    සඟල
කෙසේ  පවසම්  කෙසේ  අරඹම් හද        සිසිල





Tuesday, April 12, 2011

" ගිලීමලෙත් ඇත දත සුද්දෝ "

අවුරුදු නිවාඩුව නිසා ලැබුණ පොඩි විවේකය නිසයි මොනවහරි ලියන්න හිතුවෙ. . .
විශ්ව විද්‍යාලේ දැන්වීම් පුවරුවක තිබුණ දැන්වීමකුයි අද බ්ලොග් කණුවට හේතු පාදක වෙන්නෙ. නැතිවීම්-සම්බවීම් ගැන තියෙන දැන්වීම් විශ්වවිද්‍යාලය ඇතුළෙ දුලබම නෑ.
මම මේ කරන්න යන දේ අගක් මුලක් නැති අපබ්‍රංසයක් වෙන්න කලින් මුලින්ම කියල ඉන්නම්. නාඳුනන කෙනෙක් කරපු හොඳ වැඩකට ප්‍රශංසා කරන්නයි මම යන්නේ.
සාමාන්‍යයෙන් කෙනෙකුට අයිති කාරයෙක් සොයා ගන්න බැරි Pen Drive එකක් හම්බ වුණොත් කරන්නෙ Pen Drive එක ඇතුළෙ තියෙන ගොණු පරීක්ෂා කරල අයිතිකාරයා ගැන තොරතුරක් නැත්නම් Pen Drive එක සම්පූර්ණයෙන් මකා දමලා . . . . . . . ඊට පස්සෙ කරන් දේ ඉතින් මම මෙතන කියන්න ඕනි නෑනෙ. Pen Drive එකක් හම්බ වුණ ගමන් ඔය දෙවැනි වැඩේම කරන අයත් නැතුවම නෙවෙයි.

මම කියන්නෙත් Pen Drive එකක් හම්බ වුන කෙනෙක් ගැනම තමයි. හැබැයි මේක ටිකක් වෙනස් කතාවක් . . මොකද . . මෙයාට Pen Drive එක හම්බ වෙලා අයිතිකාරයා සොයා ගන්න බැරුව ඒ වෙනුවෙන්ම විශේෂ විද්‍යුත් තැපැල් ගිණුමක් විවෘත කරලා විතරක් නෙවෙයි වෙනමම දැන්වීම් මුද්‍රණය කරල ඒවා දැන්වීම් පුවරු හැම එකකම වගේ අලවලා.

මෙන්න ඒ දැන්වීම . . .