Search This Blog

Showing posts with label මූණුපොත. Show all posts
Showing posts with label මූණුපොත. Show all posts

Friday, January 21, 2011

අන්තර්ජාලය නැතිවත් දැන් මුහුණුපොතට . . . . . ( FACEBOOK WITHOUT INTERNET)

මේ පහසුකම කාලයක සිට සක්‍රීයව තිබුණත් තවමත් ඒ ගැන නොදන්නා පිරිස් සිටින නිසා ඒ ගැනත් පොඩි සටහනක් තියන්නට කියල හිතුණා.

මෙම පහසුකම සමඟින් ඔබට මූණූපොතේ පණිවිඩ, මිතුරන්ගේ තත්ත්ව යාවත්කාලීන, පින්තූර විවේචන  මිතුරු ඉල්ලීම් අනුමත වීම් ආදිය ඔබගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩ වශයෙන් නොමිලේම ලබා ගත හැකියි.ඊට අමතරව ඒවාට පිළිතුරු විවෙචනයන්, මිතුරු ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීම් සහ ඔබගේ තත්ත්ව යාවත්කාලීන කිරීම් ආදිය ඉදිරිපත් කළ හැකියි.තමන්ට අවශ්‍ය කෙටි පණිවිඩ පමණක් පෙර පිහිටුම් කර ගත හැකි වීම තවත් විශේෂ වාසියක්.





පහත සඳහන් ක්‍රියා පිළිවෙල තේරීම මගින් ඔබටත් එම පහසුකම සක්‍රීය කරවා ගත හැකියි.

1. Account (මූණූපොතේ දකුණුපස ඉහළ කෙළවර).
2. Account settings.
3. Mobile.
4. Register for facebook texts.
5. F සටහන් කොට 32665 ට කෙටි පණිවිඩයක් යැවීම.
6. එසැණින් ඔබේ ජංගම දුරකථනයට ලැබෙන තහවුරු කිරීමේ කේතය ඇතුළත් කිරීම.
7. ඉන්පසු ලැබෙන පිටුව මගින් අවශ්‍ය පිහිටුම් ගත කිරීම් ඔබටම කර ගත හැකියි. මෙහිදී ඔබට තත්ත්ව යාවත්කාලීන අවශ්‍ය සියළුම මිතුරන්ගේ නම්, පණිවිඩ ලැබෙන කාල සීමාව ඇතුළත් කළ යුතුයි.
8. නැවත අවශ්‍ය ඕනෑම වේලාවක තුන්වන අදියරට යොමු වී නිවැරදි පිහිටුම් ගත කිරීම් කළ හැකියි.

දැන් ඔබටත් ඔබේ මිතුරන් සමඟ එසැණින් සම්බන්ධ වී මිතුරු සබඳතා දෙගුණ තෙගුණ කර ගත හැකියි.


මූණුපොතෙන් අප හා එක් වන්න.
මෙතන ඔබන්න.