අවුරුදු නිවාඩුව නිසා ලැබුණ පොඩි විවේකය නිසයි මොනවහරි ලියන්න හිතුවෙ. . .
විශ්ව විද්යාලේ දැන්වීම් පුවරුවක තිබුණ දැන්වීමකුයි අද බ්ලොග් කණුවට හේතු පාදක වෙන්නෙ. නැතිවීම්-සම්බවීම් ගැන තියෙන දැන්වීම් විශ්වවිද්යාලය ඇතුළෙ දුලබම නෑ.
මම මේ කරන්න යන දේ අගක් මුලක් නැති අපබ්රංසයක් වෙන්න කලින් මුලින්ම කියල ඉන්නම්. නාඳුනන කෙනෙක් කරපු හොඳ වැඩකට ප්රශංසා කරන්නයි මම යන්නේ.
සාමාන්යයෙන් කෙනෙකුට අයිති කාරයෙක් සොයා ගන්න බැරි Pen Drive එකක් හම්බ වුණොත් කරන්නෙ Pen Drive එක ඇතුළෙ තියෙන ගොණු පරීක්ෂා කරල අයිතිකාරයා ගැන තොරතුරක් නැත්නම් Pen Drive එක සම්පූර්ණයෙන් මකා දමලා . . . . . . . ඊට පස්සෙ කරන් දේ ඉතින් මම මෙතන කියන්න ඕනි නෑනෙ. Pen Drive එකක් හම්බ වුණ ගමන් ඔය දෙවැනි වැඩේම කරන අයත් නැතුවම නෙවෙයි.
මම කියන්නෙත් Pen Drive එකක් හම්බ වුන කෙනෙක් ගැනම තමයි. හැබැයි මේක ටිකක් වෙනස් කතාවක් . . මොකද . . මෙයාට Pen Drive එක හම්බ වෙලා අයිතිකාරයා සොයා ගන්න බැරුව ඒ වෙනුවෙන්ම විශේෂ විද්යුත් තැපැල් ගිණුමක් විවෘත කරලා විතරක් නෙවෙයි වෙනමම දැන්වීම් මුද්රණය කරල ඒවා දැන්වීම් පුවරු හැම එකකම වගේ අලවලා.
මෙන්න ඒ දැන්වීම . . .
නොදුටු ඉමක සක්මනට කෙරෙන සම්ප්රයාචනය | An entreaty to stroll on a unseen border
Search This Blog
Tuesday, April 12, 2011
Friday, January 21, 2011
අන්තර්ජාලය නැතිවත් දැන් මුහුණුපොතට . . . . . ( FACEBOOK WITHOUT INTERNET)
මේ පහසුකම කාලයක සිට සක්රීයව තිබුණත් තවමත් ඒ ගැන නොදන්නා පිරිස් සිටින නිසා ඒ ගැනත් පොඩි සටහනක් තියන්නට කියල හිතුණා.
මෙම පහසුකම සමඟින් ඔබට මූණූපොතේ පණිවිඩ, මිතුරන්ගේ තත්ත්ව යාවත්කාලීන, පින්තූර විවේචන මිතුරු ඉල්ලීම් අනුමත වීම් ආදිය ඔබගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩ වශයෙන් නොමිලේම ලබා ගත හැකියි.ඊට අමතරව ඒවාට පිළිතුරු විවෙචනයන්, මිතුරු ඉල්ලීම් වලට ප්රතිචාර දැක්වීම් සහ ඔබගේ තත්ත්ව යාවත්කාලීන කිරීම් ආදිය ඉදිරිපත් කළ හැකියි.තමන්ට අවශ්ය කෙටි පණිවිඩ පමණක් පෙර පිහිටුම් කර ගත හැකි වීම තවත් විශේෂ වාසියක්.
පහත සඳහන් ක්රියා පිළිවෙල තේරීම මගින් ඔබටත් එම පහසුකම සක්රීය කරවා ගත හැකියි.
1. Account (මූණූපොතේ දකුණුපස ඉහළ කෙළවර).
2. Account settings.
3. Mobile.
4. Register for facebook texts.
5. F සටහන් කොට 32665 ට කෙටි පණිවිඩයක් යැවීම.
6. එසැණින් ඔබේ ජංගම දුරකථනයට ලැබෙන තහවුරු කිරීමේ කේතය ඇතුළත් කිරීම.
7. ඉන්පසු ලැබෙන පිටුව මගින් අවශ්ය පිහිටුම් ගත කිරීම් ඔබටම කර ගත හැකියි. මෙහිදී ඔබට තත්ත්ව යාවත්කාලීන අවශ්ය සියළුම මිතුරන්ගේ නම්, පණිවිඩ ලැබෙන කාල සීමාව ඇතුළත් කළ යුතුයි.
8. නැවත අවශ්ය ඕනෑම වේලාවක තුන්වන අදියරට යොමු වී නිවැරදි පිහිටුම් ගත කිරීම් කළ හැකියි.
දැන් ඔබටත් ඔබේ මිතුරන් සමඟ එසැණින් සම්බන්ධ වී මිතුරු සබඳතා දෙගුණ තෙගුණ කර ගත හැකියි.
මූණුපොතෙන් අප හා එක් වන්න.
මෙතන ඔබන්න.
මෙම පහසුකම සමඟින් ඔබට මූණූපොතේ පණිවිඩ, මිතුරන්ගේ තත්ත්ව යාවත්කාලීන, පින්තූර විවේචන මිතුරු ඉල්ලීම් අනුමත වීම් ආදිය ඔබගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩ වශයෙන් නොමිලේම ලබා ගත හැකියි.ඊට අමතරව ඒවාට පිළිතුරු විවෙචනයන්, මිතුරු ඉල්ලීම් වලට ප්රතිචාර දැක්වීම් සහ ඔබගේ තත්ත්ව යාවත්කාලීන කිරීම් ආදිය ඉදිරිපත් කළ හැකියි.තමන්ට අවශ්ය කෙටි පණිවිඩ පමණක් පෙර පිහිටුම් කර ගත හැකි වීම තවත් විශේෂ වාසියක්.
පහත සඳහන් ක්රියා පිළිවෙල තේරීම මගින් ඔබටත් එම පහසුකම සක්රීය කරවා ගත හැකියි.
1. Account (මූණූපොතේ දකුණුපස ඉහළ කෙළවර).
2. Account settings.
3. Mobile.
4. Register for facebook texts.
5. F සටහන් කොට 32665 ට කෙටි පණිවිඩයක් යැවීම.
6. එසැණින් ඔබේ ජංගම දුරකථනයට ලැබෙන තහවුරු කිරීමේ කේතය ඇතුළත් කිරීම.
7. ඉන්පසු ලැබෙන පිටුව මගින් අවශ්ය පිහිටුම් ගත කිරීම් ඔබටම කර ගත හැකියි. මෙහිදී ඔබට තත්ත්ව යාවත්කාලීන අවශ්ය සියළුම මිතුරන්ගේ නම්, පණිවිඩ ලැබෙන කාල සීමාව ඇතුළත් කළ යුතුයි.
8. නැවත අවශ්ය ඕනෑම වේලාවක තුන්වන අදියරට යොමු වී නිවැරදි පිහිටුම් ගත කිරීම් කළ හැකියි.
දැන් ඔබටත් ඔබේ මිතුරන් සමඟ එසැණින් සම්බන්ධ වී මිතුරු සබඳතා දෙගුණ තෙගුණ කර ගත හැකියි.
මූණුපොතෙන් අප හා එක් වන්න.
මෙතන ඔබන්න.
Thursday, November 4, 2010
කැම්පස් එකක නමක්වත් කණට ඇහුනොත් . . .
සුමුදු මුදු නල නිසල විල් තෙර සිප හමාවි.
මියුරු අමයුරු නදින වස්ඳඩු මන බඳීවී.
වන සරන ද ද ගීත රාවය දෙස් තියාවී.
එන යනෙන දන බලා මා දෙස තුඃ කියාවී.
මියුරු අමයුරු නදින වස්ඳඩු මන බඳීවී.
වන සරන ද ද ගීත රාවය දෙස් තියාවී.
එන යනෙන දන බලා මා දෙස තුඃ කියාවී.
Tuesday, November 2, 2010
තවත් ජයක් පේරාදෙණිය විශ්වවිද්යාලයට
10 වන ශ්රීලංකා විශ්වවිද්යාල තරඟාවලිය පසුගිය ඔක්තෝබර් 11 වනදා ශ්රී ජයවර්ධනපුර විශ්ව විශ්වවිද්යාලයේ දී සාර්ථකව නිමාවට පත් විණි. එහි පැවති බේස්බෝල් තරඟාවලියට මොරටුව විශ්වවිද්යාලය,කොළඹ විශ්වවිද්යාලය , ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය , රුහුණ විශ්වවිද්යාලය ,පේරාදෙණිය විශ්වවිද්යාලය යන විශ්වවිද්යාල වලින් කණ්ඩායම් පහක් සහභාගී වී සිටි අතර පේරාදෙණිය විශ්වවිද්යාලය විසින් ශූරතාව දිනා ගන්නා ලදී.
තරඟ සටහනට අනූව පේරාදෙණිය විශ්වවිද්යාලයට කිසියම් වාසියක් හිමිව තිබුණද අනෙක් අන්තයෙන් අවසන් මහා තරඟයට පැමිණි ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය සමඟ පැවති තරඟය ජයග්රහණය කිරීමෙන් ඔවුන්ගේ දක්ෂතාව ප්රත්යක්ෂ විය. පේරාදෙණිය විශ්වවිද්යාලය තම ජයග්රහණය කරා ගිය ගමනේ පළවන සංධිස්ථානය වූයේ රුහුණු විශ්වවිද්යාලය සමග පැවති තරඟයයි. සැප්තැම්බර් 26 වනදා ප.ව. 1.00 ට එය ආරම්භ වූ අතර තරඟයේ තුන් වන ඉනිම අවසානයේ ලකුණු 10 ක පරතරයක් තිබූ නිසාවෙන් ලකුණු 1-11 වශයෙන් ජයග්රහණය පේරාදෙණිය විශ්වවිද්යාලය සතු විය.
අවසාන මහා තරඟයට පෙර ලියුම්කරු හමු වූ කණ්ඩායම් නායක ගයාන් ගමගේ මහතා ප්රකාශ කර සිටියේ තම ජයග්රහණය සඳහා අවශ්ය සියලුම සැලසුම් දැනටමත් සකස් කර අවසන් බවයි. දීර්ඝ කාලීන පෙර පුහුණුවීම් වල සිට ජයග්රහණය සඳහා අවශ්ය සියලුම ක්රියාකාරකම් තම කණ්ඩායම විසින් ඉටු කළ බවත්, එනිසා පේරාදෙණිය විශ්වවිද්යාලයේ ජයග්රහණය කිසිවෙකුටත් නොනැවැත්විය හැකි බවත් කණ්ඩායම් පුහුණුකරු ජයවර්ධන මහතා ප්රකාශ කළේය. කෙසේ වෙතත් අවසන් මහා තරඟයට පෙර දින රාත්රියේදීද තම තරඟ සැලසුම පුහුණුකරු හා කණ්ඩායම් ක්රීඩකයන් විසින් වඩාත් උපායශීලී ලෙස සකස් කළ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
සැප්තැම්බර් මස 27 වනදා ප.ව. 1.00 ට ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය හා පේරාදෙණිය විශ්වවිද්යාලය අතර අවසන් මහා තරඟය ආරම්භ විය. තරඟයට මොහොතකට පෙර ශාරීරික උණුසුම් ව්යායාම කරන අවස්ථාවේදීද ගම්ය වූයේ පේරාදෙණිය විශ්වවිද්යාල කණ්ඩායම තම ජයග්රහණය උදෙසා මනා ආත්ම විශ්වාසයකින් හා තිර අදිටනකින් යුතුව කැපවී සිටින බවයි. තරඟයේ දෙවන ඉනිම අවසන් වන විට ලකුණු 9-1 ක් ලෙස සටහන් කරමින් පේරාදෙණිය විශ්වවිද්යාල කණ්ඩායම තරඟයේ අණසක තමන් නතු කර ගත්තේය. ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ සහන් කුලතුංග තුන්වන ඉනිමේ යටි කොටසේදී එල්ල කළ පහරක් නිසා එක් වරම ලකුණු තුනක් ලබා ගැනීමට ඔවුන්ට හක්කි වූ අතර එම ඉනිම අවසානයේ ලකුණු තත්ත්වය 9-7 ක් බවට පත් විය. ක්රීඩාවේ ජීව ගුණය මොනවට පැහැදිලි කරමින් පස් වන ඉනිම අවසන් වන විටද ලකුණු තත්ත්වය 9-7 කට සීමා කිරීමට පේරාදෙණිය විශ්වවිද්යාලය කණ්ඩායමට සමත් විය. කෙසේ වුවද හයවන ඉනිමේ උඩු කොටසේදී රජිත පමෝද එල්ල කළ හෝම් ලකුණ (home run) පේරාදෙණිය විශ්වවිද්යාල ජයග්රහණයේ මාවත පුළුල් කරන ලද්දක් වූ බව නම් නිසැකය.
හයවන ඉනිම අවසානයේ ලකුණු තත්ත්වය 10-9 ක් වූ නිසා තරඟය ඉතා උණුසුම් අඩියකට පත් විය. තරඟය කොළඹ තුරඟ තරඟ පිටියේ පැවති නිසාත් ඒ වන විට ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය ලකුණු නවයක් ලබාගෙන පිටුපසින් සිටි නිසාත් නරඹන්නන්ගෙන් පේරාදෙණිය විශ්වවිද්යාල කණ්ඩායමට ලැබුණ ප්රතිචාරද ක්රමයෙන් උත්සන්න විය. මෙම තත්ත්වය යටතේ තරඟය අවසාන ඉණිමේ යටි භාගයටද පැමිණිනි. ඒ පේරාදෙණිය විශ්වවිද්යාල කණ්ඩායමේ ජයග්රහණය සඳහා ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය කණ්ඩායමට එකඳු ලකුණක් හෝ ලබා නොදිය යුතු අවස්ථාවකටය. මේ වන විට කාලයේ ශ්රිතයද අසංතතික වන සෙයක් කාගේ කාගේත් සිත් වලටද දැනී තිබිණි. මෙම අවස්ථාවේ පන්දුව දැමීම (pitching) සිදු කළේ පේරාදෙණිය විශ්වවිද්යාලයේ ලසන්ත සංජීව විසිනි.
මෙම ප්රස්ථාව ප්රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන පේරාදෙණිය විශ්වවිද්යාල කණ්ඩායමේ අප්රතිහත ධෛර්යයත්, කණ්ඩායම් හැඟීමත්, සිය ඉවසීමේ ගුණයත් උරගා බලන්නක් විය.
එම දැවීයාම් තුනම අනුයාතව ලබා ගැනිමට සමත් වූ පේරාදෙණිය විශ්වවිද්යාල කණ්ඩායම ඉතිහාසයේ රන් අකුරින් තම නාමය සටහන් කරමින් 10 වන විශ්වවිද්යාල ක්රීඩා උළෙලෙහි බේස්බෝල් ශූරතාව දිනා ගැනීමට සමත් විය.
අවසන් මහා තරඟ ජයග්රහණයෙන් මොහොතකට පසු ලියුම්කරු හමු වූ පේරාදෙණිය විශ්වවිද්යාලයේ බේස්බෝල් කණ්ඩායමේ උප නායක වජිර ධර්මසේන මහතා පැවසූවේ තමන් ජයග්රහණය ලබා ගත් මේ මොහොතේ ඊට උර දුන් සියලු දෙනාටම නිහතමානීව ස්තූති කර සිටින අතර තවදුරටත් කණ්ඩායමේ පුහුණුකරු ජයවර්ධන මහතාටද, කණ්ඩායම් භාර ආචාර්ය මල්ලව ආරච්චි මහතාටද, ශාරීරික අධ්යාපන අංශයේ අධ්යක්ෂිකා අරෝෂා පෙරේරා මහත්මියටද ඔහු සිය විශේෂ ස්තූතිය පුද කර සිටියේය.
ශ්රී ලංකා බේස්බෝල් ඉතිහාසයේ ප්රථම වරට බේස්බෝල් අකුරු කළ පේරාදෙණිය විශ්වවිද්යාලය ශ්රී ලංකා විශ්වවිද්යාල ක්රීඩා උළෙලක බේස්බෝල් තරඟාවලියක් පැවැත්වූ ප්රථම අවස්ථාවේදීම සිය නිසි ස්ථානය හිමි කර ගැනීම බේස්බෝල් ක්රීඩාවට ආදරය කරන කාගේත් සතුටට හේතු වන්නක් වනු නො අනුමානය.
University of Peradeniya – Baseball Team
Champions of 10th Sri Lanka University Games
First Row (L-R) : Thilaksha KAD, Abesinghe AMTH, Wijethunga WWBS, Dharmasena YAW, Kumara PGGM, Senevirathne WMHSMRD, Gardiarachchi KD, Gunarathne GBN, Pamoda HRD.
Second Row (L-R): Wikramaarachchi WMVA, Karunarathne LI, Bandara HMDN, Senevirathne CG, Senarathne DL,
Mr.Jayawaradane(Coach),Mr.Mallawaarachchi(Master in charge),Silva K, Ekanayake GBEMHS, De zoysa TY, Gunathilaka LMP, Mannauthum MMLS, Samarainghe MS.
Mr.Jayawaradane(Coach),Mr.Mallawaarachchi(Master in charge),Silva K, Ekanayake GBEMHS, De zoysa TY, Gunathilaka LMP, Mannauthum MMLS, Samarainghe MS.
මූණුපොතේ පේරාදෙණිය විශ්වවිද්යාල
බේස්බෝල් ලෝලීන්ගේ පිටුවට . . .
බේස්බෝල් ලෝලීන්ගේ පිටුවට . . .
මෙතන ඔබන්න.
Baseball – University of Peradeniya Sunday, October 31, 2010
රාජකීය මවුනි , ඔබටයි මේ උපහාරය
හා හා පුරා කියලා ලියන බ්ලොග් කණුව හිතුවා මම ඉගෙන ගත් පාසලට, රාජකීයයට උපහාර කිරීම මගේ යුතුකමක් කියලා. ඒ වගේම තමන්ගේ අතීතය අමතක කරන එක එතරම් හොඳ දෙයක් කියලා නෙමෙයි මම නම් හිතන්නෙ. ඒකත් මේ කණුවම ලියන්න ප්රධානම හේතුවක්.
“රාජකීයය . . මගේ පාසල රාජකීයය . .”
එහෙම හිතන කොටත් මට නම් දැනෙන්නෙ අතුපතර විහිදී ගිය මහා වෘක්ෂයක් ගැන විස්තර කරන්න මගේ හැකියාව ප්රමාණවත්ද කියලා. ඒ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි, රාජකීයය විශ්වයට දායාද කළ ධීර,වීර,ශ්රේෂ්ඨ පුතණුවන්ගේ ප්රමාණය මෙතෙකැයි කියලා නිම කරන්න බැරි නිසා.
ඇත්තටම ඒ අසමසම ශක්යතාවට හේතු වෙන්නෙ ඔවුන්ගේ පුද්ගල බද්ධ දක්ෂතාවන් විතරක්ම නෙවෙයි. රාජකීයයෙන් ඔවුන්ගේ ජීවිත ශක්තිමත් කර ගන්න ලබා දෙන පන්නරය කියලයි මට නම් හිතෙන්නේ. තමන්ට තමන්වම හැඩ ගස්වා ගන්න ලබා දෙන පිටුබලයත් ඉස්තරම් . .
ඕනෑම රාජකීයයෙක් ඔහු වර්තමාන රාජකීයයෙක් හෝ ආදී රාජකීයයෙක් වෙන්න පුළුවන්, තමන්ගෙ පාසලේ ගුරුවරයෙකු පාසලේදී හෝ ඉන් පිටතදී හමු වූවොත් දෙඅත් එකට එකතු කරලා ආයුබෝවන් කීම තමයි චාරිත්රය. ඒ වගේ පොඩි දෙයක් පවා රාජකීයයකුට ඉතාමත් වැදගත්.
එයයි රාජකීයයේ අනභිබවනීයත්වය, එයයි විශිෂ්ඨත්වයේ ඉණිමඟ . .
රාජකීයය සිංහල, දෙමළ, මුස්ලිම්, ක්රිස්තියානි ආදී වූ විවිධ ජාතීන් අතරෙ සහයෝගීතාවේ සංකේතයක් කිව්වොත් මම නිවැරදියි. මඳකට සිතන්න . . . ජාති, ආගම්, කුල භේද පසෙකලා සහෝදර බැම්මෙන් බැඳීමට , අධ්යාත්මික ගුණ වගාවට පිටුවහල් වන ආකාරය පිළිඹිබු කරන්නට යටකී උදාහරණයම ප්රමාණවත් නොවේද?
රාජකීයයේ විශ්ව මෙහෙවරට වසර 175 ක් සපිරෙන මේ වසරේ රාජකීයය හා නිබඳවම කියවෙන ඉංග්රීසි කියමනක සිංහල පරිවර්තනය දක්වන්නම්.
"කවුරුන් කෙසේ කීවද,
අපි අපේ සම්ප්රදායයන් සමග පෙරටම යන්නෙමු".
2007 උසස් පෙල විභාගයට මාසයකට පමණ පෙර විද්යාලීය 2007 කණ්ඩායම් සඟරාවට මා විසින් රචනා කළ නිසඳැසකුත් අවසානයට අමුන්නම්.එහෙම කළොත් හොඳයි කියලා හිතුනෙ මේ කණුව ලියන කොට . . .
" නික්ම යන නිමේෂයේ ...
තෙළෙස් වසරක් නිමා වූ ඉම
ප්රහර්ෂණයෙන් යුතුව සමරමු . . .
නැණ නුවණ සිප් කිරි පෙවූ,
ජීවමාන මෑණියන් විය නුඹ . . .
මිහිමඬල පොබ කළ කුසුමන් පියුම් නෙක
අසිරිමත් ලෙස සුවඳවත් කළ,
පියකරුම නිලුපුළක් විය නුඹ . . .
විසල් නුඹ ගැබ පුරා විසිරුණු,
තරු රැසින් දිදුලන රැසින්
ලකඹරට පෑ සරා සඳ නුඹ . . .
අභිමනින් පෙරමග පහන් කළ
රාජකීයයන් අසල රැඳවුණු
සදා නොනිමෙන පහන් ටැඹ නුඹ. . .
හදවතින් ගිලිහෙනා පදවැල්
පන්හිඳින් නිම කරනු කෙලෙසද . . .
සහස් සුවහස් කල් පුරා නුඹ
පරපුරෙන් පරපුරට නොසිඳෙන
අමා ගඟුලැල්ල වී. . .
විඩාබර වූ නොමිනිස්කම් තුළ,
එදා මෙදා මෙන්
සිරිලක ජන පවස සනහාලනු මැනවි . . .
පතළව දෙරණත සිසාරා . . .
නික්ම යන නිමේෂයේ
අදිටන් කරමු මෙලෙස,
'දැයේ කිරුල වන්නට සැමදා නුඹ
උරදෙන්නෙමු දිවිතුරා නිබඳව . . .'
මේ උත්සාහය රාජකීයය නමැති මහා වෘක්ෂයට අහසින් වැටෙන එක් දිය බිඳක් හෝ වෙන්නට තිබුණා නම් මටත් පුංචි හරි සතුටක් ඇති වේවි.
වැජඹේවා ! ! !
රාජකීය වෙබ් අඩවියට . .
ප.ලි. - පාසලේදී සිදු වුණු රසවත් වගේම හරවත් සිදුවීම් ගැන ඔයාලට පස්සෙ කියන්නම්.
Subscribe to:
Posts (Atom)






