Search This Blog

Thursday, November 4, 2010

කැම්පස් එකක නමක්වත් කණට ඇහුනොත් . . .

සුමුදු  මුදු  නල  නිසල  විල්  තෙර  සිප  හමාවි.
මියුරු  අමයුරු   නදින   වස්ඳඩු    මන    බඳීවී.
වන   සරන  ද ද    ගීත   රාවය   දෙස්    තියාවී.
එන  යනෙන  දන  බලා  මා  දෙස  තුඃ  කියාවී.



 












Tuesday, November 2, 2010

තවත් ජයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට

10 වන ශ්‍රීලංකා විශ්වවිද්‍යා තරඟාවලිය පසුගිය ඔක්තෝබර් 11 වනදා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විශ්වවිද්‍යාලයේ දී සාර්ථකව නිමාවට පත් විණිඑහි පැවති බේස්බෝල් තරඟාවලියට මොරටුව විශ්වවිද්‍යාලය,කොළඹ විශ්වවිද්‍යාලය , ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය , රුහුණ විශ්වවිද්‍යාලය ,පේරාදෙණිය විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යා වලින් කණ්ඩායම් පහක් සහභාගී වී සිටි අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් ශූරතාව දිනා ගන්නා ලදී.



තරඟ සටහනට අනූව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට කිසියම් වාසියක් හිමිව තිබුණද අනෙක් අන්තයෙන් අවසන් මහා තරඟයට පැමිණි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ පැවති තරඟය ජයග්‍රහණය කිරීමෙන් ඔවුන්ගේ දක්ෂතාව ප්‍රත්‍යක්ෂ විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය තම ජයග්‍රහණය කරා ගිය ගමනේ පළවන සංධිස්ථානය වූයේ රුහුණු විශ්වවිද්‍යාලය සමග පැවති තරඟයයි. සැප්තැම්බර් 26 වනදා .1.00  එය ආරම්භ වූ අතර තරඟයේ තුන් වන ඉනිම අවසානයේ ලකුණු 10  පරතරයක් තිබූ නිසාවෙන් ලකුණු 1-11 වශයෙන් ජයග්‍රහණය  පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතු විය.


අවසාන මහා තරඟයට පෙර ලියුම්කරු හමු වූ කණ්ඩායම් නායක ගයාන් ගමගේ මහතා ප්‍රකාශ කර සිටියේ තම ජයග්‍රහණය සඳහා අවශ්‍ය සියලුම සැලසුම් දැනටමත් සකස් කර අවසන් බවයි. දීර්ඝ කාලීන පෙර පුහුණුවීම් වල සිට ජයග්‍රහණය සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාකාරකම් තම කණ්ඩායම විසින් ඉටු කළ බවත්, එනිසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජයග්‍රහණය කිසිවෙකුටත් නොනැවැත්විය හැකි බවත් කණ්ඩායම් පුහුණුකරු ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් අවසන් මහා තරඟයට පෙර දින රාත්‍රියේදීද තම තරඟ සැලසුම පුහුණුකරු හා කණ්ඩායම් ක්‍රීඩකයන් විසින් වඩාත් උපායශීලී ලෙස සකස් කළ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.



සැප්තැම්බර් මස 27 වනදා ප.ව. 1.00  ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය අතර අවසන් මහා තරඟය ආරම්භ විය. තරඟයට මොහොතකට පෙර ශාරීරික උණුසුම් ව්‍යායාම කරන අවස්ථාවේදීද ගම්‍ය වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාල කණ්ඩායම තම ජයග්‍රහණය උදෙසා මනා ආත්ම විශ්වාසයකින් හා තිර අදිටනකින් යුතුව කැපවී සිටින බවයි. තරඟයේ දෙවන ඉනිම අවසන් වන විට ලකුණු 9-1 ක් ලෙස සටහන් කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාල කණ්ඩායම තරඟයේ අණසක තමන් නතු කර ගත්තේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහන් කුලතුංග තුන්වන ඉනිමේ යටි කොටසේදී එල්ල කළ පහරක් නිසා එක් වරම ලකුණු තුනක් ලබා ගැනීමට ඔවුන්ට හක්කි වූ අතර එම ඉනිම අවසානයේ ලකුණු තත්ත්වය 9-7 ක් බවට පත් විය. ක්‍රීඩාවේ ජීව ගුණය මොනවට පැහැදිලි කරමින් පස් වන ඉනිම අවසන් වන විටද ලකුණු තත්ත්වය 9-7 කට සීමා කිරීමට  පේරාදෙණිය විශ්වවිද්‍යාලය කණ්ඩායමට සමත් විය. කෙසේ වුවද හයවන ඉනිමේ උඩු කොටසේදී රජිත පමෝද එල්ල කළ හෝම් ලකුණ (home run) පේරාදෙණිය විශ්වවිද්‍යාල ජයග්‍රහණයේ මාවත පුළුල් කරන ලද්දක් වූ බව නම් නිසැකය.


හයවන ඉනිම අවසානයේ ලකුණු තත්ත්වය 10-9 ක් වූ නිසා තරඟය ඉතා උණුසුම් අඩියකට පත් විය. තරඟය කොළඹ තුරඟ තරඟ පිටියේ පැවති නිසාත් ඒ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලකුණු නවයක් ලබාගෙන පිටුපසින් සිටි නිසාත් නරඹන්නන්ගෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාල කණ්ඩායමට ලැබුණ ප්‍රතිචාරද ක්‍රමයෙන් උත්සන්න විය. මෙම තත්ත්වය යටතේ තරඟය අවසාන ඉණිමේ යටි භාගයටද පැමිණිනි. පේරාදෙණිය විශ්වවිද්‍යා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කණ්ඩායමට එකඳු ලකුණක් හෝ ලබා නොදිය යුතු අවස්ථාවකටය. මේ වන විට කාලයේ ශ්‍රිතයද අසංතතික වන සෙයක් කාගේ කාගේත් සිත් වලටද දැනී තිබිණි. මෙම අවස්ථාවේ පන්දුව දැමීම (pitching) සිදු කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලසන්ත සංජීව විසිනි. 


මෙම ප්‍රස්ථාව ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන පේරාදෙණිය විශ්වවිද්‍යාල කණ්ඩායමේ අප්‍රතිහත ධෛර්යයත්, කණ්ඩායම් හැඟීමත්, සිය ඉවසීමේ ගුණයත් උරගා බලන්නක් විය. 


එම දැවීයාම් තුනම අනුයාතව ලබා ගැනිමට සමත් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාල කණ්ඩායම ඉතිහාසයේ රන් අකුරින් තම නාමය සටහන් කරමින් 10  වන විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලෙහි බේස්බෝල් ශූරතාව දිනා ගැනීමට සමත් විය.

අවසන් මහා තරඟ ජයග්‍රහණයෙන් මොහොතකට පසු ලියුම්කරු හමු වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බේස්බෝල් කණ්ඩායමේ උප නායක වජිර ධර්මසේන මහතා පැවසූවේ තමන්  ජයග්‍රහණය ලබා ගත් මේ මොහොතේ ඊට උර දුන් සියලු දෙනාටම  නිහතමානීව ස්තූති කර සිටින අතර තවදුරටත් කණ්ඩායමේ පුහුණුකරු ජයවර්ධන මහතාටද, කණ්ඩායම් භාර ආචාර්ය මල්ලව ආරච්චි මහතාටද, ශාරීරික අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂිකා අරෝෂා පෙරේරා මහත්මියටද ඔහු සිය විශේෂ ස්තූතිය පුද කර සිටියේය.

ශ්‍රී ලංකා බේස්බෝල් ඉතිහාසයේ ප්‍රථම වරට බේස්බෝල් අකුරු කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලක බේස්බෝල් තරඟාවලියක් පැවැත්වූ ප්‍රථම අවස්ථාවේදීම සිය නිසි ස්ථානය හිමි කර ගැනීම බේස්බෝල් ක්‍රීඩාවට ආදරය කරන කාගේත් සතුටට හේතු වන්නක් වනු නො අනුමානය.

             University of Peradeniya – Baseball Team
        Champions of 10th Sri Lanka University Games


First Row (L-R) : Thilaksha KAD, Abesinghe AMTH, Wijethunga WWBS, Dharmasena YAW, Kumara PGGM, Senevirathne WMHSMRD, Gardiarachchi KD, Gunarathne GBN, Pamoda HRD.
Second Row (L-R): Wikramaarachchi WMVA, Karunarathne LI, Bandara HMDN, Senevirathne CG, Senarathne DL,
Mr.Jayawaradane(Coach),Mr.Mallawaarachchi(Master in charge),Silva K, Ekanayake GBEMHS, De zoysa TY, Gunathilaka LMP, Mannauthum MMLS, Samarainghe MS.



මූණුපොතේ පේරාදෙණිය විශ්වවිද්‍යාල
බේස්බෝල් ලෝලීන්ගේ පිටුවට . . .




මෙතන ඔබන්න.
Baseball – University of Peradeniya