Search This Blog

Sunday, April 17, 2011

ළිංමැඩියෝ සහ ජාතික වගකීම

TIME සඟරාව විසින් වාර්ෂිකව ලොව බලගතුම පුද්ගලයන් 100

දෙනා තේරීමේ මත විමසුමක් පවත්වයි. මෙවර එහි 4 වන ස්ථානයට

පත් වීමට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමත් වී ඇත.



ශ්‍රී ලාංකික ජනාධිපතිවරයෙක් මෙම මත විමසුමේ බලගතුම

පුද්ගලයන් 100 දෙනා අතරට පැමිණි ප්‍රථම අවස්ථාවද මෙය වේ.තවද

සමස්ත ප්‍රථිඵලයෙහි ප්‍රථම පුද්ගලයන් 10 දෙනා අතර සිටින එකම

දේශපාලන නායකයාද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වේ. තවත් වැදගත්

කාරණයක් නම් මෙම ලැයිස්තුවේ ඇමරිකානු ජනාධිපති බැරක්

ඔබාමා මහතා  46 වන ස්ථානයේද, ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි

ක්ලින්ටන් මහත්මිය 43 වන ස්ථානයේද, රුසියානු ජනාධිපති

ව්ලැදිමියර් පුටින් මහතා 74 වන ස්ථානයේ සහ ඉන්දියා කොන්ග්‍රස්

නායිකා සෝනියා ගාන්ධි මහත්මිය 100 වන ස්ථානයේ පසු වීමයි. 



මෙම මත විමසුම උපුටා දක්වමින් ලෝක මාධ්‍යය ආයතන, ශ්‍රී

ලංකාවේ රාජ්‍ය මාධ්‍යය ඇතුළු සෑම මාධ්‍යයක්මද පවසන්නේ ශ්‍රී ලංකා

ජනාධිපතිවරයා ලොව ප්‍රබලම පුද්ගලයෙකු බවට පත්ව ඇති බවයි.

අවාසනාවකට මෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පුම්බවා තැබීමේ සිය

වගකීම ඉටු කරමින් සිටින නිසාදෝ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මාධ්‍යයන්ට

පවා මෙම මත විමසුමේ එක් පැතිකඩක් තවමත් ගෝචර වී නොමැත.




අප මේ සඳහා මත විමසුමේ සඳහන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ

චරිතාවදනය මඳක් විග්‍රහ කොට බලමු. එහි සඳහන් වන්නේ දෙමළ

කොටින්ට එරෙහිව පැවති වසර 26 ක් පැරණි යුද්ධය නිමා කළ

බවත්, මානව හිමිකම් සහ මැතිවරණ කොමිෂන් සභා වල බලය

බලහත්කාරයෙන් තමා වෙත නතු කරගෙන ඇති බවත්,

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට පත් වුණු වෙනත් රාජ්‍ය නායකයෙකුට

වඩා තම බලය රටේ ජාතික ආයතන තුළ පතුරවා ඇති බවත්, යුධ

අපරාධ චෝදනා යටතේ හැකි නම් තමා වරදකරුවෙකු කරන ලෙස

ඇමරිකාවට, යුරෝපීය සංගමයට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට

අභියෝග කළ බවත්,  එම චෝදනා ප්‍රතික්ෂේප කිරීම සඳහා රුසියාව,

චීනය සහ ඉන්දියාව තමාට සහයෝගය පළ කරන බව සහතිකවම

දැන සිටි බව සහ පසු කී රටවල් දෙකෙහි ශ්‍රී ලංකාවේ ආයෝජන

බිලියන ගණනක් අවදානමක පැවති බවත්ය.



 මේ අනූව ශ්‍රී ලාංකික පුරවැසියන් වශයෙන් අපට විවිධ නිගමන වලට

එළඹිය හැකියාව පවතියි. පළමු වැන්න නම් සුනිල් සරත් පෙරේරා

මහතාට අනුව "දෙස් විදෙස් ඇස් මවිත කරවයි මහරජාණෙනි"

යනුවෙන් ප්‍රශස්ති ගීත ගායනා කරමින් අපේ ජනාධිපතිවරයා පිළිබඳව

ආඩම්බර වීමයි. එයද නොකළ යුත්තක් නොවන බව මාගේද හැඟීමයි.

දෙවැන්න නම් ශ්‍රී ලංකාව කෙරෙහි ලෝක අප්‍රසාදය ත්‍රීව කිරිමේ

බටහිර මෙහෙයුමේ තවත් එක් කොටසක් පමණක් බව අවබෝධ

කොට ගෙන එය මැඩ පැවැත්වීම සඳහා තමන්ටද හැකි පමණින්

කටයුතු කිරීමයි. තෙවැන්න නම් මෙම පුවතෙහි සත්‍යතාව පිළිබඳ

සොයා බලා අත්තනෝමතික ලෙස බලය තමා වෙත නතුකොට ගැනීමට

දරණ උත්සාහයන් පිළිබඳව විචක්ෂණශීලීව කටයුතු කිරීමයි. 



කළ යුත්තේ කුමක්ද? තීරණය ඔබ සතුයි!


දත්ත උපුටා ගැනීම 0045h 17/04/2011

වැඩිදුර පරිශීලනයට . . .
Profile of Mr. Mahinda Rajapakshe on TIME
http://www.itnnews.lk/?p=24940
http://www.asiantribune.com/news/2011/04/13/sri-lankan-president-mahinda-rajapaksa-among-time-100-people-2011



© 2011 - හිමිකම - VinZOuTLooK



.

4 comments:

කතන්දර Kathandara said...

ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයා

"VinZOuTLooK" said...

ඔබටද කතන්දර කාරයා එම
එසේම වේවා සතුටින් පතමි මම
නිදහස් සිතුම් ලැබ දේවා පුරාම
එයමයි සිරිලක් කාගෙත් පැතුම

හරී said...

මොන රෙද්දක්ද බං ඔය උඩ දාගෙන කියවන්නෙ...මම නම් ITN එහෙම කියනකොට හිතුවේ මොකක් හරි බොරුවක් කියලා ඒත් ඊයෙ සිරසෙත් කිව්වා...

"VinZOuTLooK" said...

@හරී: කතාව සහතික ඇත්ත. ඒත් එකෙ යටි අරමුණ නොපෙනෙන එකක් කියලයි මම කියන්නෙ. ITN එක මේ මත විමසුම ගැන බොහොම උජාරුවෙන්නෙ කියන්නෙ. එත් ඒක එහෙමම නෙවෙයි ! !